ආසයි මටත් පිනිබිදක් වෙන්න සීතල මීදුම සිතෙහි වෙලාගෙන....

ආසයි මටත් පිනිබිදක් වෙන්න සීතල මීදුම සිතෙහි වෙලාගෙන....

snow

Tuesday, August 31, 2010

එළකිරියේ අය්යලාට අක්කලට(ළමා නිවසෙන්)


2009.05.11

ආදර තුසිත් අයියේ,

ඔයා හොදින් ඉන්නවද.මමත් මගේ යාලුවොත් හොදින් ඉන්නවා. අයියේ ඔයයි තව අයියලා, අක්කල ගොඩකුයි අපිව බලන්න ආව නිසා අපි ගොඩක් සතුටු උනා.අපිට මැඩම්, අයියලා වගයක් එනව කිව්ව්හම අපේ හිතට හුගාක් ලොකු සතුටක් දැනුණා. එදා අයියලා ඇවිත් අපිට තෑගි දෙන කොට අපිට කදුළුත් ආව.මොකද අපිව බලන්න කවුරුවත්ම මෙහෙ එන්නේ නැහැ අයියේ. අපි ගෙට්ටුව ලගට වෙලා පාරේ යන අයියලාට අතවැනුවත් අපි දිහ බලන් හිනාවෙල යනවා..ඒ ඇයිඅයියේ?අම්මා තාත්තා කියන වචනෙ තේරුම නම් අපි දන්නෙ නැහැ ඒත් අපෙ මැඩම් කියලා දුන්න එයාල හුගාක්හොදයිලු. මගේඅම්මා තාත්තත් දෙවියො ලගට ගියාලු මට සෙල්ලම් බඩු ගෙන්න.ඉතින් මම එයාලා එනකම් ඉන්නෙ. ඒත්එයාලාහරිනරකයිඅයියේ, හැමදාම එනවා කියල මැඩම් කිව්ව්ට එන්නේ නැහැ. එදා ඔයලත් එක්ක ආපුඅයියා කෙනෙක් මට පැන්සල් පෙට්ටියක් දීල කිව්ව අපෙ අම්මා මට දුන්න කියලා. අනේඅම්මාගෙ සුවදවත් ඒ පැන්සල් වල තිබුනනම්.එදා අයියලා ඇවිත් අපිත් එක්ක සින්දු කියපුවා,සෙල්ලම්කරපුවා,තරගතියපුවා මතක් වෙනකොට හිතෙනව අයියලා එක්කම අපිටඉන්නඇත්නම්කියලා. ඔයාල ගියාට පස්සෙ අපිට ලොකු දුකක්දැනුනෙ. හශාන් අයියගේ මැජික් දකිනකොට අපි හුගාක් පුදුම උනා.එදා දවස මෙහෙ ඉන්න කාටවත්ම අමතක කරන්න බැරි දවසක්උනා. අයියලාට ගොඩාක් පින් දවසක් හරි අපිව බලන්න ඇවිල්ලා අපිව හුගාක් සතුටු කෙරෙව්වට. අපි ටීවී එකෙ දකිනව ඔක්කොම ළමයින්ට අයියලා අක්කලා මල්ලිල නංගිලා ඉන්නවා.. අපිටත් ආසයි අයියලා අක්කලා එක්ක සෙල්ලම්කරන්න,ඉස්කොලෙ යන්න පාඩම් කරන්න විහිලුවට රන්ඩු කරන්න,බයිසික‍ලේ නැගලා යන්න,සරුන්ගල් යවන්න. ඒත් අපිත් එක්ක දෙවියො තරහවෙලද අයියෙ? අපෙ අයියලා අක්කිලාව දුරගෙනිච්චෙ. අපිට පාඩම් කරවන්න අයියලා දෙන්නෙක් එනව. එත් එයාලා එන්නේ සෙනසුරාදාඉරිදා.ඉතින්අයියෙ ඔයලා දුන්නු පොත්වල තමයි අපි ලියන්නෙ,මැඩම් ඒ පොත්වලට ලස්සන කවරදාලාදුන්නා .අයියලාට,අක්කිලාට ගොඩාක් පින්. අපි හැමදාම දෙවියො වදින කොට ඔයාලටත්එක්ක ප්ර්ර්ථනා කරනවා. දන්නවද අයියේ මම මෙ ලියන්නෙත් අයිය දුන්නු පැන්සලෙන්තමයි. ඇපි හැමෝටම මැඩම් පැන්සල් දෙක ගානෙ දුන්නා. ඒ පැන්සල් දකිනකොට ඔයාලව මතක්වෙනවා. දැන්නිදාගන්න වෙලාව හරි ඒ නිසා මම නිදාගන්න යනවා. අයියේ ආයේ එක සැරයක් අපිව බලන්න එනවද?
අපි ගේට්ටුව ලගට වෙලා ඔයාල එනකම් බලන් ඉන්නවා

ඔයාටයි අනිත් අයියලා අක්කලාටයි දෙවි පිහිටයි.

ආදර මල්ලී,
සිතුම්.

Monday, August 23, 2010

මා හැඩවූ නුඹ!

Thursday, August 12, 2010

~~ වරම් නැති ආදරය ~~

Tuesday, July 13, 2010

Sunday, July 11, 2010

~~~~ සෙන් ක්ලෙයාර් (St.Clair) ~~~~



මදක් නතර වීමි දැක දෝර ගලන දියමග
සිහියට ආයේ නුබේ කදුල පිරි දෙනෙත් මට
බිදියි නිහඩ බව නිදාඋන් පරිසරය විලාපව
සේම ඉකිබිදු නුබේ ඒ අවිහින්සක බව

වින්දෙමි දිය ඇල්ලෙහි සිසිලස රහසින් ලංව
තවම දැනෙයි මට නුබේ දෙතොලේ සිනිදුව
සුලගට වැනෙනා මල් ගොමු දැක සිතෙනුත්
සත්තයි වෙනසක් නැහැ ඒ නුබේ සිනහව

පෙන පබලු ආවේගව ඉහල නැග පෙන්වන
ආදරේට කෝප වෙන නුබේ ඒ ලෙන්ගතුකම
දිගු වරලස දුටු කාගේත් ඇස් මන පිනවන
ලෙසටම ඇදී යයි සේද දිය රැල දිගටම

රන්චු ගැසී පියාබන බටිති කුරුලු පෙල
දැක මතක් වුනෙත් අප සතු වූ ඒ මිහිරි අතීතය
මේ හැම සිතුවමක්ම සිතෙහි හොවාගෙන නික්මෙන මම
එන්නම් ආයෙත් දියලුම "සෙන් ක්ලෙයාර් " සිරි විදගන්නට...

Saturday, June 26, 2010

~~~~හිත අද්දර **~~~~

Wednesday, June 23, 2010

මාගේ නගරය ~~~

පිස්සෙකු නොවෙයි මම ..

දෙවියනේ මට කියන්න..

අම්මාට ලියුමක්...

කුමටද??? ( දේශපාලන හිවලුන්ගේ යථාර්තය)

මාගේ නැගණිය ...

මගේ ආදර කදුල....

නැත අයෙත් එන්නේ..

සගවා ගිය පින්න...

Saturday, June 19, 2010

oooo රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... oooo


රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

18 මැයි 2010, අඟහරුවාදා.

අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න,
මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මම මේ බස් එකේම යනවා කියල හිතුවා.රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දය වැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රනමලක් ලෙස කියන ගීතය,හිතට ලොකු සතුටු ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත් කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා,මට ලොකු ආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින් මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා
"කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..". යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුනා ඒ මගේ ආබාධය නිසා.
බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාව තවත් දරාගැනීමට බැරි උනා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා .මම ළඟ උන් කෙනෙක්ට හෙමීට කොදුරලා ",මම ඉස්සර forces හිටියේ අයියේ, මට කකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න " කියලා ...ඔහු නිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුනා..ඇයගෙන් ද මම ඇහුවා "අපිත් අමාරුවෙන් අල්ලගත්තේ" මම හුගාක් අසරණ උනා..හේතුව මම කාටවත් කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.

දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත් වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ. නොදිදා ගත කල රාත්‍රී ,අවිගත් දෑත් නොදුටු මහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහි පැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන් .. . සැවොම මාගේ මවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් . කොහොම නමුත් මේ සිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..මොහොතකින් මා පිටත පරිසරයට නෙත් යොමු කලා..බසය පානදුර නගරයට ලගා වෙලා..මාගේ නැවතුම්පලට තරමක් දුර වුනා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කල තරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා
.බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු දෙය කියන්නට මට ඕන උනා.

මම ඒ පුද්ගලයා දිහා බැලුවා " අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා"

ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා.

හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේ යුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරු ත්‍රස්තවාදය තුරන් කල පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේ රදවා ගනිමින් .

මාගෙය් දේශයට මා සදා ආදරෙයි!!!
මාගේ දේශයට දෙවි පිහිටයි!!!

~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

මම ඔයාට ණය ගැතියි අම්මේ…




දොස්තර ඇවිත් මට කිව්ව දේ අහලා මට දරාගන්න බැරිව ගියා..

" ඔයාගෙ අම්මට ආයෙමත් පෙනීම ලැබෙන්නෙ නැහැ ,එයාට අනිවාර්යයෙන් ඇස් දෙකක් බද්ධ කරන්න ඕන."

මට දරාගන්න බැරිඋනා ඒ වචන ටික..

තාත්ත නැති අපිව අම්මා බලගත්තේ හුඟාක් මහන්සි වෙලා,සමහර දවස්වලට අම්මා කන්නේ බොන්නේ නැතිව ඉස්කෝලෙ ගාස්තු ගෙවපු දවස් ගොඩාක් තිබ්බා. අසනීපයක් හැදුනහම අම්මා අඬලා දෙවියන්ගෙන් කන්නලව් කරපු ඒව මට අද වාගෙ මතකයි.

එහෙම හිටපු අම්ම අද ඉස්පිරිතාලෙ ඇදක දිගා වෙලා ඉන්නවා ,හරියට එයාට කිසිම ආදරයක් ලඟ නැහැ වගේ. එයාව එහෙම බලන් ඉන්න බැහැ මට.

අනේ මගේ අම්මට ආයෙ මාව බලන්න බැරිවෙයිද?

හිතට ලොකු වේදනාවක් දැනෙනවා..
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා, අපිට මේ ලෝකය දකින්න ඉවහල් උන අම්මා,අපිව ඇස් දෙක වගේ බලාගත්ත අම්මා, දෙවියනේ එයාට අද මේ ලෝකෙ බලන්න බැරිවෙලා..

එයා වෙනුවෙන් මට යමක් කරන්න පුලුවන්නම්..දෙවියනේ මම මොනවද කරන්නේ..

දින කීපයක් ගෙවිලා ගියා..අම්මා සත්කාර ඒකකයේ තිබ්බා..දවස් 3ක් ගතවුනා. අම්මා ඒ සත්කාරයෙන් පස්සෙ කිව්වෙම “මට ඉස්සෙල්ලම මගෙ පුතාව බලන්න ඕන,එයාගෙ මුහුණ බලන්න ඕන “ කියලා..

දොස්තර මගේ ලඟට ඇවිත් කිව්වා.

"මම ඔයා ගැන ආඩම්බර වෙනවා පුතා" කියලා…

විවේක දින කීපය ගත උනාට පස්සේ අම්මගේ ඇස්වල බැඳලා තිබුන වෙලුම් පටි ලිහිල් කරා. අනේ මගේ අම්මට දැන් ලෝකය බලන්න පුලුවන්, එයාට දැන් මාව බලන්න පුලුවන්, කොයි තරම් සතුටක් මට හිතට දැනෙනවද…

අම්මා මට ඒ වෙලාවෙ කතා කලා. “ කෝ මගේ රත්තරන් පුතාව බලන්න ඕන ..කෝ මගේ පුතා එයාව මට පෙන්නන්න…"

මම අම්මා ඉස්සරහින් ගිහින් හිටගත්තා..

“අම්මේ,.. මම මෙහෙ අම්මේ”

අම්මගේ ඇහේ තිබ්බ වෙලුම් පටි ලිහනවත් එක්කම අම්ම ඇස් ඇරල මා දිහා බලන් හයියෙන් අඬන්න පටන් ගත්තා..මට ඒ හඬ විතරයි ඇහුනේ..

“පුතේ ඇයි පුතේ මෙහෙම කලේ ..ඔයා අම්ම වෙනුවෙන් ඇයි මෙහෙම දෙයක් කලේ ..ඔයාගෙ හිත මෙච්චර මෙලෙක් උනේ ඇයි මයෙ පුතේ”’ අම්මා විලාප තිබ්බා..

මම අම්ම දිහාවට හැරුනා .

“මට ඔයාගේ සෙනෙහසට ප්‍රති උපකාර කරන්න මට මගේ ඇස් දෙක දන් දෙන්න විතරයි පුලුවන් වුනේ අම්මේ, මට සමා වෙන්න..”

මට මීට එහා එයාට කියන්න පිල්තුරක් තිබ්බේ නැහැ ..


--- මේ ලෝකයේ උතුම්ම වස්තුව අම්මා ---

Thursday, June 17, 2010

සිහිනයක් නොවෙයි මා සත්තයි ඔබ ලඟ...

මගේ ආදර කදුල ..

ණය ගැතියි ඔබට මම අම්මේ ....

දුරක ගිය ඔබ...

Wednesday, June 16, 2010