ආසයි මටත් පිනිබිදක් වෙන්න සීතල මීදුම සිතෙහි වෙලාගෙන....

ආසයි මටත් පිනිබිදක් වෙන්න සීතල මීදුම සිතෙහි වෙලාගෙන....

snow

Saturday, June 26, 2010

~~~~හිත අද්දර **~~~~

Wednesday, June 23, 2010

මාගේ නගරය ~~~

පිස්සෙකු නොවෙයි මම ..

දෙවියනේ මට කියන්න..

අම්මාට ලියුමක්...

කුමටද??? ( දේශපාලන හිවලුන්ගේ යථාර්තය)

මාගේ නැගණිය ...

මගේ ආදර කදුල....

නැත අයෙත් එන්නේ..

සගවා ගිය පින්න...

Saturday, June 19, 2010

oooo රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... oooo


රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ...

18 මැයි 2010, අඟහරුවාදා.

අද මට හදිස්සියේම පානදුර යන්න උනා මගේ යාලුවෙක් හමුවෙන්න,
මම කොටුවෙන් පානදුර බලා යන බස් එකකට ගොඩ උනා.සෙනග හුගාක් හිටිය නිසා වාඩිවෙන්න ඉඩක් තිබ්බෙ නැහැ.ඒත් වෙලාව මදි නිසාත්,දහදිය වර්ෂාව නිසාත් මම මේ බස් එකේම යනවා කියල හිතුවා.රියදුරා බස් රථය පදවන ගමන්ම රේඩියෝවේ ශබ්දය වැඩි කළා,එහි ඇසෙන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගැයූ රනමලක් ලෙස කියන ගීතය,හිතට ලොකු සතුටු ආවේගයක් අභිමානයක් ආවා එම ගීතය අහනකොට,හේතුව මමත් කාලයක් මගේ මව්බිම වෙනුවෙන් යුධ පිටියට ගිය රණවිරුවෙක් නිසා,මට ලොකු ආඩම්බරයක් දැනුනා. අපේ ජනතාව අපි ගැන කොච්චර ආඩම්බර වෙනවද කියල.මොහොතින් මොහොත කොන්දොස්තර කොල්ලා කෑ ගහනවා
"කට්ටිය ඔහොම යන් ඉස්සරහට ඉස්සරහට ..". යන්න ඕන කම තිබුනත් මට යන්න බැරිවුනා ඒ මගේ ආබාධය නිසා.
බස් රථය කෙමෙන් කෙමෙන් ඇදුනා .කොල්ලුපිටිය ලඟට බස් රථය එනවිට මට වේදනාව තවත් දරාගැනීමට බැරි උනා ,මාගේ පා ආබාධය හුගාක් රිදුම් දීමට පටන් ගත්තා .මම ළඟ උන් කෙනෙක්ට හෙමීට කොදුරලා ",මම ඉස්සර forces හිටියේ අයියේ, මට කකුලේ ආබාධයක් තියෙනවා ,පොඩ්ඩක් මට වැඩිවෙන්න ඉඩ දෙන්න " කියලා ...ඔහු නිශ්ශබ්ධයි.මම අනෙක් අතට හැරුනා, ..එක කාන්තාවක් එහි වුනා..ඇයගෙන් ද මම ඇහුවා "අපිත් අමාරුවෙන් අල්ලගත්තේ" මම හුගාක් අසරණ උනා..හේතුව මම කාටවත් කරදර කරන්නට උත්සාහ කලේ නෑ ,මට තිබු වේදනාව නිසා එහෙම ඇහුවේ.

දැන් වේදනාව දැනෙන්නේ පයට නොව හිතටයි.මොවුන් වෙනුවෙන් මම මගේ පවුලෙන් ඈත් වී,ඒ රුධුරු යුධ බිමේ අපගේ ජීවිතය ඇපයට තබා සටන් කලේ කිසිවක්
බලාපොරොත්තුවෙන් නොවේ. නොදිදා ගත කල රාත්‍රී ,අවිගත් දෑත් නොදුටු මහන්සිය,පතුරන් වලට බිය නොවූ එඩිතර පෙර ගමන මේ සියල්ල අප ඉටු කලේ, අප මෙහි පැමිණියේ අප ජනතාවගේ නිදහස වෙනුවෙන් .. . සැවොම මාගේ මවක්,පියෙක්,සහෝදරයෙක්,සහෝදරියෙක්,පුතෙක් දුවෙක් . කොහොම නමුත් මේ සිතුවිලි තුලින් මගේ වේදනාව මට තුරන් වී ගොස් තිබුණා..මොහොතකින් මා පිටත පරිසරයට නෙත් යොමු කලා..බසය පානදුර නගරයට ලගා වෙලා..මාගේ නැවතුම්පලට තරමක් දුර වුනා..මාගේ මෙම සිද්ධිය බලා සිටි අයද බොහොමයක් ,මා හට උසුළු විසුළු කල තරුණයින් පිරිසක්ද ඒ අතර සිටියා
.බසයෙන් නික්මයාමට පෙර ඔවුන් සියලු දෙනාටම මාගේ සිතට දැනුනු දෙය කියන්නට මට ඕන උනා.

මම ඒ පුද්ගලයා දිහා බැලුවා " අයියේ, දෙවියෝ ආයෙත් මට මගේ නැතිවුණ කකුල දුන්නොත් , මම ආයෙමත් ඔයාල වෙනුවෙන් රණ බිමට යනවා"

ඒක අහගෙන හිටිය අය,එයාලගේ හිස් පහතට නමා ගත්තා.

හෙමින් පඩි පෙලින් බැසගත් මා දැඩි හුස්මක් හෙලුනෙන් ..ඉදිරියට ගමන් කලේ යුධ පිටියේ අහිමි වූ මාගේ පාදය නිසා ඇතිවන ශෝකය පසෙකට තබා කුරිරු ත්‍රස්තවාදය තුරන් කල පසු නිදහසේ ගමන් කරන ඔවුන්ගේ සිනහවේ ඡායාව මගේ සිතේ රදවා ගනිමින් .

මාගෙය් දේශයට මා සදා ආදරෙයි!!!
මාගේ දේශයට දෙවි පිහිටයි!!!

~~~~ මම ඔයාට ණය ගැතියි අම්මේ... ~~~~

මම ඔයාට ණය ගැතියි අම්මේ…




දොස්තර ඇවිත් මට කිව්ව දේ අහලා මට දරාගන්න බැරිව ගියා..

" ඔයාගෙ අම්මට ආයෙමත් පෙනීම ලැබෙන්නෙ නැහැ ,එයාට අනිවාර්යයෙන් ඇස් දෙකක් බද්ධ කරන්න ඕන."

මට දරාගන්න බැරිඋනා ඒ වචන ටික..

තාත්ත නැති අපිව අම්මා බලගත්තේ හුඟාක් මහන්සි වෙලා,සමහර දවස්වලට අම්මා කන්නේ බොන්නේ නැතිව ඉස්කෝලෙ ගාස්තු ගෙවපු දවස් ගොඩාක් තිබ්බා. අසනීපයක් හැදුනහම අම්මා අඬලා දෙවියන්ගෙන් කන්නලව් කරපු ඒව මට අද වාගෙ මතකයි.

එහෙම හිටපු අම්ම අද ඉස්පිරිතාලෙ ඇදක දිගා වෙලා ඉන්නවා ,හරියට එයාට කිසිම ආදරයක් ලඟ නැහැ වගේ. එයාව එහෙම බලන් ඉන්න බැහැ මට.

අනේ මගේ අම්මට ආයෙ මාව බලන්න බැරිවෙයිද?

හිතට ලොකු වේදනාවක් දැනෙනවා..
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා, අපිට මේ ලෝකය දකින්න ඉවහල් උන අම්මා,අපිව ඇස් දෙක වගේ බලාගත්ත අම්මා, දෙවියනේ එයාට අද මේ ලෝකෙ බලන්න බැරිවෙලා..

එයා වෙනුවෙන් මට යමක් කරන්න පුලුවන්නම්..දෙවියනේ මම මොනවද කරන්නේ..

දින කීපයක් ගෙවිලා ගියා..අම්මා සත්කාර ඒකකයේ තිබ්බා..දවස් 3ක් ගතවුනා. අම්මා ඒ සත්කාරයෙන් පස්සෙ කිව්වෙම “මට ඉස්සෙල්ලම මගෙ පුතාව බලන්න ඕන,එයාගෙ මුහුණ බලන්න ඕන “ කියලා..

දොස්තර මගේ ලඟට ඇවිත් කිව්වා.

"මම ඔයා ගැන ආඩම්බර වෙනවා පුතා" කියලා…

විවේක දින කීපය ගත උනාට පස්සේ අම්මගේ ඇස්වල බැඳලා තිබුන වෙලුම් පටි ලිහිල් කරා. අනේ මගේ අම්මට දැන් ලෝකය බලන්න පුලුවන්, එයාට දැන් මාව බලන්න පුලුවන්, කොයි තරම් සතුටක් මට හිතට දැනෙනවද…

අම්මා මට ඒ වෙලාවෙ කතා කලා. “ කෝ මගේ රත්තරන් පුතාව බලන්න ඕන ..කෝ මගේ පුතා එයාව මට පෙන්නන්න…"

මම අම්මා ඉස්සරහින් ගිහින් හිටගත්තා..

“අම්මේ,.. මම මෙහෙ අම්මේ”

අම්මගේ ඇහේ තිබ්බ වෙලුම් පටි ලිහනවත් එක්කම අම්ම ඇස් ඇරල මා දිහා බලන් හයියෙන් අඬන්න පටන් ගත්තා..මට ඒ හඬ විතරයි ඇහුනේ..

“පුතේ ඇයි පුතේ මෙහෙම කලේ ..ඔයා අම්ම වෙනුවෙන් ඇයි මෙහෙම දෙයක් කලේ ..ඔයාගෙ හිත මෙච්චර මෙලෙක් උනේ ඇයි මයෙ පුතේ”’ අම්මා විලාප තිබ්බා..

මම අම්ම දිහාවට හැරුනා .

“මට ඔයාගේ සෙනෙහසට ප්‍රති උපකාර කරන්න මට මගේ ඇස් දෙක දන් දෙන්න විතරයි පුලුවන් වුනේ අම්මේ, මට සමා වෙන්න..”

මට මීට එහා එයාට කියන්න පිල්තුරක් තිබ්බේ නැහැ ..


--- මේ ලෝකයේ උතුම්ම වස්තුව අම්මා ---

Thursday, June 17, 2010

සිහිනයක් නොවෙයි මා සත්තයි ඔබ ලඟ...

මගේ ආදර කදුල ..

ණය ගැතියි ඔබට මම අම්මේ ....

දුරක ගිය ඔබ...

Wednesday, June 16, 2010